Saturday, April 19, 2008

CSE අපේ කට්ටිය -7

විහිළු නිසා සුදු සංජය රතු වෙනවා
පබා නිසා මූ විලියෙන් ඇබරෙනවා
කෙල්ලන් හට නම් මූ පාටී දෙනවා
ඔන්න මචෝ උඹේ රෙදි ටික ගැල වෙනවා

සාලිය කලණී ගැළපෙන යුවලකි කදිම
Halo නිසා ඇතිවේ පොඩි පොඩි අව්ල
සියලු දබර සෙල්ලම අවසන් වන තුරුය
ඊට පස්සේ මේ දෙන්නා කිරි පැණිය

මහ කැලයෙන් නගරෙට සරසවි ආව
වැද්දා ඉන්නේ බදු අරගෙන රජ කඩුව
කස්සා එක්ක මුගේ මිතු දම දැඩිය
හෝටලයෙන් කෑවම යයි බඩ එළිය

විභාගයෙන් ජය ලැබුමට තෙල් බොනවා
හිතුනදාට බියරුත් ගෙනවිත් බොනවා
චන්දරයා Campus විසිටින් සිසුවා
Project එකේ ලොකු බාසුන්නැහැ වෙනවා

1 comment:

Bo said...

කවි ටික නම් පංකාදුයි.හරිම දක්ෂයි මල්ලි, ඔයා දිගටම ලියන්න.මම කියවනවා නිතර.