Sunday, April 20, 2008

විරහව

වස්දඩුවේ දුක්බර රාවේ
ගෙනඑයි මතකය ඈගේ
ඇදුනත් ඔබ රුව මනසේ
ඈතයි ඔබ මට තරැසේ

ආදර විවාහය

මහ සයුර සේ පැතුම් පොදි බැද
බොල් අහස සේ
සුසුම් ඉකි බිද
උමතුවෙන් මෙන් ඔබට පෙම් බැද
සැනසුමක් නම් නැත ඔබව ලැබුවද


රැවටීම

සුපෙම් හැගුමන් පායලා
වසත් කාලය එළබිලා
නැවුම් මලකට ලංවෙලා
සිබිමි එම මල නොම තලා

පහන් තරැවක් පායලා
ජීවිතේ මගේ එළි කලා
සිතූමුත් මා රැවටිලා
මල තැලී රොන් විසිරිලා

වරද

සොඳුරැ වරද ආදරේ
මිහිර ගෙනෙයි ජීවිතේ
වැදුනු විටදි මල්සරේ
ගැඹුර දැනෙයි හදවතේ

උල්කාෂ්මය

ලොව නිදනා පාළු රැයේ
අඳුරු වලා ගනව වෙලේ
තනි තරුවක් සොයන කලේ
උල්කාවක් දුටිමි ගැඹේ

වයසක පෙම

වසන්තයේ එක්තරා දවසක
මිණිමිණි සිරිපොද වැස්සක
තෙමී නොතෙමී එකම කුඩයක
යමුද සේ අපි තුරුණු යුවලක

Saturday, April 19, 2008

සිහිනයකි ඔබ

සැබෑ ලොවක නොපෙනෙන...
සිහිනෙක, නොදුටුව විට ඔබ.
සිහිනය ඔබ බව වැටහින...
ඔබ නැති සිහිනය දුටුවිට.

සමනල් මම


හිරුට හොරා ලොවට පිපුණ තඹර කැකුළියේ
නුඹට හොරා නුඹේ සුවඳ දසත හමන්නනේ
සැමට හොරා මත් බඹරුන් ගුමු ගුමු දෙන්නේ
බිගුට
හොරා සමනල් මම නුඹට ඇදෙන්නේ


CSE අපේ කට්ටිය -10

විකුමා ඉන්නේ බස්සා වගේ Lab එක මැද්දේ
මනෝජයා ආවත් වැඩිපුර නැහැ සද්දේ
මධුවා හදුන්වලා දුන් Halo යුද්දේ
අපි හැමෝම ගැහුවා පහුගිය අවුරුද්දේ

ලක්ෂී සූජීතා තරගෙට වැඩ කෙරුවා
තරුගා ශීකරන් අප අතරේ වූවා
සිව් වසරක මතකෙන් බිඳූවකි මේවා
සමා වෙලා අහපන් මිතුරනි මේවා

සියළු දෙනා ගැන මම හොදහිටි ලීවා
සියළු දෙනා මට ලපටියා යයි කිව්වා
ලියපු සියල්ලම මෝරපූ කවි සේමා
උඹලා ලපටි වේ මට වැඩි පුර බෝමා

CSE අපේ කට්ටිය -9

Network අවුල් සේරම මූ ගොඩ දැම්මා
කුප්පි වලින් අපේ සෙට් එක ගොඩ දැම්මා
Mail එවලා InBox පුරවලා දැම්මා
සමින්ද ගැන මම මේ ටික කිව්වා

Photo වලට ඉන්නට මූ හරි රුසියා
අත් දෙක උඩ දමා ඉස්සරහින් හිටියා
ජනා Photo භූතයා ලෙස දිස්වූවා
බඹා ඇවිත් සුමතිව නළලේ කෙටුවා

සූ සැට මායම් ඔක්කොම ඇත්තේ
පබා, පිස්සා දැපනේ දා ගත්තේ
පිස්සාගේ පිස්සුව ඉන් වැඩිවී ඇත්තේ
කඩේ යන්න ඌ පෙරමුණ ගත්තේ

CSE අපේ කට්ටිය -8

බී.පී. කියන්නේ අපේ රාජික ගොයියා
ගේම ගැන තමා මුගේ නිරතුරු කයියා
Command line එකහට පෙම් කෙරුවා
James Clerk මූ තාමත් අදහනවා

බිලියනයට මූ කවදත් Love කෙරුවා
Company වල වත්කම් ටික මූ කිරුවා
පිස්සූ ටෝක් දෙනවා නිරතුරු ටොමියා
Bill Gatesගේ මූ කීකරු අතවැසියා

Halo කට්ට දෙකටම මු එක් වූවා
සුප්පා ගොසින් Axic වල C කෙටුවා
පොඩි සාමිස කියලා නම දා ගත්තා
CSE ඇණ පතිකම ඉල්ලලා ගත්තා

CSE අපේ කට්ටිය -7

විහිළු නිසා සුදු සංජය රතු වෙනවා
පබා නිසා මූ විලියෙන් ඇබරෙනවා
කෙල්ලන් හට නම් මූ පාටී දෙනවා
ඔන්න මචෝ උඹේ රෙදි ටික ගැල වෙනවා

සාලිය කලණී ගැළපෙන යුවලකි කදිම
Halo නිසා ඇතිවේ පොඩි පොඩි අව්ල
සියලු දබර සෙල්ලම අවසන් වන තුරුය
ඊට පස්සේ මේ දෙන්නා කිරි පැණිය

මහ කැලයෙන් නගරෙට සරසවි ආව
වැද්දා ඉන්නේ බදු අරගෙන රජ කඩුව
කස්සා එක්ක මුගේ මිතු දම දැඩිය
හෝටලයෙන් කෑවම යයි බඩ එළිය

විභාගයෙන් ජය ලැබුමට තෙල් බොනවා
හිතුනදාට බියරුත් ගෙනවිත් බොනවා
චන්දරයා Campus විසිටින් සිසුවා
Project එකේ ලොකු බාසුන්නැහැ වෙනවා

CSE අපේ කට්ටිය -6

පක්සේ පිරිස උන හින්දා විරසකය
ගඩ්ඩා යන්නේ මුළු මූණම වහ ගෙනය
ලෙක්චරයෙදි මුට හරියට නිදි මතය
එක නිසා මූ Campus විසිටින්ය

මල් කඩන්න මූ ලෝකේන් පළවෙනිය
දුරකථනය නිතරම කට කන අගය
රත්මලාන පැත්තෙන් එයි කිචිබිචිය
බුරියා දෙනවා වාර්තාව සිරසට වැඩිය

නිතරම කතුන් සමගයි මොහු සිටින්නේ
තිලාණී හට පැත්තෙන් Love කරන්නේ
ගෑණූ ඇදුම් හෝදන එක කරන්නේ
සංගි ජදුන් ගැන මේ හෙලි කරන්නේ

බිස්කට් එකක් කාලයි දිවි රැක ගන්නේ
එදා වේල “මාරී” වලින් සරි වන්නේ
කැරම් ගහන හැටි ගැන මූ නැහැ දන්නේ
බිස්කට් අමිලයා නැහැ බත් කන්නේ

CSE අපේ කට්ටිය -5

තට්ටය එන නිසා හරි අවුලෙන් ඉන්නේ
Ever martin නිසා වියදම වැඩි වන්නේ
කුප්පි දමා නිරතුරු අප ගොඩ දැම්මේ
එ පින් බලෙන් ආසීරි නුඹෙ කෙස් එන්නේ

ළුවන් කළු රුවයි අපෙ පැහැපත් චානා
කට කැඩි කතා නිතරම ඔහු කීවා
කෙල්ලෙකු නිසා නුවරට ගොස් කටු කෑවා
මාතර ගොසින් කෙල්ලෙකු මූ බිලි බෑවා

ශානී සමඟ ආදර සටනක් කෙරුවා
An සමඟ පැය ගානක් Chat කෙරුවා
සෝමේ සමඟ සිවු වසරක් පොල් ගෑවා
මම මේ කිව්වෙ ගැන ඔලමොට්ටල කව්වා

පැහැපත් කමින් වැඩි වීමට වලි කනවා
Family ඩොකා දෙන ලණූ මූ කනවා
නෙරා කියන දේ නිතරම නැසී යනවා
රාණී මුඛර්ජිගේ ආදරේ මූ ඉල්ලනවා

CSE අපේ කට්ටිය -4

අහසින් වැටෙන වැහි බිදු අකැපය මෙහුට
කෑම තියෙන තැන සුර පුර මිල්ලෙ හට
සවල් ගසයි කොත මෙන් ඇති බත් පතට
අතුරු පසද යහමින් යයි මුගෙ බඩ තුලට


වැසිකිලි කටකි ජම්බුවා හට තිබුනේ
මචූ නිසා මූ ඉන්නේ කුස ගින්නේ
කට්ට ගහන එක නිතරම මූ කෙරුවේ
ඩවුන්ලෝඩ් කෙරුමට මූ නම් දැරුවේ

සියලුම නෝට් මූ ෆොටෝ කොපි කරගනි
Company
එකේ CEO චින්තකයා වැනි
සියලුම වැඩ කරේ උඳයා කඩේ යවමිනි
මෝඩකමත් වලිගය නැති උඳයා වැනි

මෙත්තේ දාන එක මුට නම් සිම්පල්ය
අතේ පත්තු වන බොරු කීමද ලෙසය
ලෙවල් දෙකේ නංගිගේ උස නම් මදිය
මොත්තයා ලෙවල් Two වල අධිපතිය




CSE අපේ කට්ටිය -3

කිසිදා ටොයිලට් යන්නේ නැතී
ගියදාටත් අත හෝදන්නේ නැතී
පාටී දෙන්නට සල්ලි නැතී
Qualatige හැටි දන්නෝ දනිතී

ඇග ලේ මස් නැති ඇට කට්ටා
හිත හොද ළුවෙකි සූ කට්ටා
ගැහුවොත් ගහන්නේ රා කට්ටා
මූගේ ඉන්ගීසී නම් ලට පට්ටා

දෙයියා කියන්නේ තඩි මසූරෙකි නියම
වියදම් කරන හැටි දන්නේ නැහැ තවම
හොකී ගසන එක විතරයි හැම විටම
මෝඩ කමත් ඌගේ සීමා නැහැ කිසිම

මාලකළුවා ගැන අද පවසමි ඇත්තා
කඩියෙකු ලවා වට තුන දුවවා ගත්තා
මැරතන් දුවා හොම්බෙන් ඇන ගත්තා
හුග කලකට පසු වතුරෙන් නා ගත්තා


CSE අපේ කට්ටිය -2

Archi නංගිට පෙම් බැන්ද
ඌරා ගන්නා විට නින්ද
මහ තඩි ගස් ඉරනා සද්ද
ඇහෙනවා අප හට නැහැ නින්ද

වැල්ලේ ඉදලයි මූ එන්නේ
කෙල්ලෝ දැක්කම පැණි වෙන්නේ
කිරිකට් ගසන්න නැහැ දන්නේ
චරියා පේරේට නැහැ යන්නේ

පෙමා කියන්නේ කෑදරයෙකි නියම
ගෑනී ලගදී ගුටි කනවා හොද හැටිම
නැති තැන මුගේ වල් කට උපරිමය
කන්න කන්න මුගේ බඩ කට හිස්වේය

ඔප හොයන්නට වෙහෙසෙන්නේ
නිතර නිතර බෑ කීමයි දන්නේ
මම රත්නපූරියන් කියමින් ඉන්නේ
බුෆේ ගැන තමයි මේ පැවසෙන්නේ


CSE අපේ කට්ටිය -1

බැටිමනට් කියලයි කියන්නේ
බොක්කෙන්
කිරිකට් ගසන්නේ
පිටියේ
හැම තැන දුවන්නේ
බීවම
මූ ගස් උඩ නගින්නේ

මහදැන මුත්තා මෙයානේ
ජපුරේ
විසිටින් ලෙචානේ
හොස්ටල්
සැමගේ සභානේ
ශම්මියා කට මැත දෙඩන්නේ

කාමයේ කිසිදින හැසිරිලා නැතී
අපේ
ලැවා නම් නිදියන්නේ නැතී
විභාගේ
කාලෙට පිස්සූ නැතී
එක
දවසක් වත් ඌට නැතී

සුරංගනා ලෝකේදි ඇය අත්තක් වීලා
මුට සලකා මුගේ තොල්පට හතරට පැලිලා
හතුරු සමනලා කැලණියේ පාරකට වෙලා

ජනකට
සලකයි පොල්ලෙන් ගසලා


යසරුවන් ගුණතිලක වෙනුවෙනි

Wednesday, April 09, 2008

මගෙ අද හා ඊයෙ දවස

මේදිනවල මම හරිම අවිවේකි කාලයක් ගත කරන්නේ….

එකට හේතූව තමා මගේ අවසන් වසර Project එක. මම සහ මගේ කන්ඩායමේ අනිත් සගයෝ එකේ Report ලියන හා එහි Coding වල අන්තිම ටික කරන එකේ තමා යෙදිලා ඉන්නේ.

ඊයේ අපේ CSE කන්ඩායමේ සමූහ ඡායා රූපය ගත්තා. එක මගේ මනසට දුක්බර සිතිවිල්ලක් එකතූ කරා. වසර 4ක සොදූරු විශ්ව විද්යාල ජීවිතය නිමා වීම ලග බව අපේ කන්ඩායමේ අයගෙත් හිතට ආව එක මගේ හිතටද දැනුනා. අපි හැමෝම ඡායා රූප ගන්න උත්සුක උනා.

අවසන් වසර Project කන්ඩායමේ ඡායා රූපය මම මෙකේ දාන්න හිතූවේ, අපි අවසන් වසර පුරාවටම ලෙන්ගතූව හිටපු නිසා.

මෙකේ වමේ සිට දකුනට ඉන්නේ චරිත්( වැල්ලේ), ජනන්ජිත් (ජනා), චරිත්(පෙමා), තරිඳු (මම).











අවසන් වශයෙන් සැමටම සුබ නව වසරක් වෙවා!!