නුඹ හමුවෙන්න ආයෙමත්
මට ඉඩදෙන්න එන හෙටත්
යළි පිටවෙන්න බැරි කම්න්
තෙරපේවී සුසුම් පොදියක් හිතේ...
නුඹ හිනහෙන්න හෙට දිනත්
මට දුකදෙන්න එම වරත්
යළි ගිලිහෙන්න බැරි කම්න්
නලියාවී කඳුළු බිඳුවක් නෙතේ...
නුඹ නොපෙනෙන්න නම් තවත්
මට ගෙන එන්න කළුවරක්
යළි සිහිවෙන්න බැරි කම්න්
සැඟවේවී මතක සටහන් අපේ...
නුඹ පියඹන්න මා කෙරෙන්
මට සමුදෙන්න හෙට ඉතින්
යළි තනිවෙන්න බැරි කම්න්
වැළපේවී පුරුදු තනිකම මගේ...
Wednesday, July 01, 2009
Monday, May 25, 2009
ආලය වේ මනරම්
සිනා සරදම් කරයි
මැවෙයි හසරැල් ලතා
ඔබේ දෙනුවන් අගින්
හැගෙයි දහසක් කතා
පිපී පරවී නොයයි
දැනෙයි සුවදක් සදා
මලේ සුවදැති රොනින්
පිරෙයි ආලයේ නුරා
හිතේ සක්මන් කරයි
ගනියි නිදිලොව සොරා
ඔබේ දෑගිලි තුඩින්
නිවෙයි මහදේ විඩා
සිතේ සිතුවිලි නැගෙයි
ගලයි පන්හිද වෙලා
හදේ ගැඹුරුම තැනින්
ගෙතෙයි ප්‍රේමයේ රටා
නිමා නොවෙනා පැතුම්
ගලයි දෙහදක් පුරා
අපේ පෙම්බර හැගුම්
බිදියි තනිකම සදා
මැවෙයි හසරැල් ලතා
ඔබේ දෙනුවන් අගින්
හැගෙයි දහසක් කතා
පිපී පරවී නොයයි
දැනෙයි සුවදක් සදා
මලේ සුවදැති රොනින්
පිරෙයි ආලයේ නුරා
හිතේ සක්මන් කරයි
ගනියි නිදිලොව සොරා
ඔබේ දෑගිලි තුඩින්
නිවෙයි මහදේ විඩා
සිතේ සිතුවිලි නැගෙයි
ගලයි පන්හිද වෙලා
හදේ ගැඹුරුම තැනින්
ගෙතෙයි ප්‍රේමයේ රටා
නිමා නොවෙනා පැතුම්
ගලයි දෙහදක් පුරා
අපේ පෙම්බර හැගුම්
බිදියි තනිකම සදා
Sunday, May 10, 2009
සමනලීට
මගෙ තනිකම මට නොදැනිම
සොරකම් කල සමනලී
මා තනිකර මට නොකියම
පිටමවී ගිය හැටී
තණ අග පිණි බිදු වියකෙයි
හිරු දුටු විට සමනලී
මගෙ කදුළැලි හැම වියකෙයි
දුටු විට ඔබෙ හස රැලි
රන් තරු හැම විට හිනහෙයි
පුන් පෝයට සමනලී
අමවකට වුව හිනැහෙමි
නුඹ සිටියොත් වී තුටී
නුඹ නැතිවී මම තැවුනෙමි
බොහො කලක් සමනලී
නොලබෙන දෙය නොම පතනෙමි
මට පසුතැවුමක් නැති
මිහි පොලොවට අපි හැමදෙන
හිමි වෙනවා සමනලී
පින් පවු මත යලි මිහිමත
උපදිනවා ඇති නිතී
සැඩ රැලි නැග රුදු වැඩිවෙයි
නිල් දියකද සමනලී
එතෙර වන්න මට හැකිවෙයි
මේ සසරෙන් දිග වැඩි
සොරකම් කල සමනලී
මා තනිකර මට නොකියම
පිටමවී ගිය හැටී
තණ අග පිණි බිදු වියකෙයි
හිරු දුටු විට සමනලී
මගෙ කදුළැලි හැම වියකෙයි
දුටු විට ඔබෙ හස රැලි
රන් තරු හැම විට හිනහෙයි
පුන් පෝයට සමනලී
අමවකට වුව හිනැහෙමි
නුඹ සිටියොත් වී තුටී
නුඹ නැතිවී මම තැවුනෙමි
බොහො කලක් සමනලී
නොලබෙන දෙය නොම පතනෙමි
මට පසුතැවුමක් නැති
මිහි පොලොවට අපි හැමදෙන
හිමි වෙනවා සමනලී
පින් පවු මත යලි මිහිමත
උපදිනවා ඇති නිතී
සැඩ රැලි නැග රුදු වැඩිවෙයි
නිල් දියකද සමනලී
එතෙර වන්න මට හැකිවෙයි
මේ සසරෙන් දිග වැඩි
Sunday, April 26, 2009
සඳ දිය සිත්තම්
සඳ දිය සිත්තම් විල් දිය මත්තෙන්
මවයි සොදුරුම සිතුවම් රටා
විල් දිය නිසලයි භද විල සසලයි
පෙනෙයි අඳුරුම සෙවනැලි රටා
නුබ කුස බබළයි සඳ රැස් විහිදෙයි
ඇඳෙයි විල්දිය ගඟනේ සිනා
නුඹ රුව සිහිවෙයි මගෙ සිත ගොළුවෙයි
පතයි මිහිරිම පෙම්බර සිනා
බොඳ වෙන් නැතිනම් සඳ දිය සිත්තම්
අගෙයි තුන්යම ගෙවෙනා තුරා
භද විල පත්ලෙන් නැගි නුඹෙ සිත්තම්
රැදෙයි දිවිමග සරනා තුරා
මවයි සොදුරුම සිතුවම් රටා
විල් දිය නිසලයි භද විල සසලයි
පෙනෙයි අඳුරුම සෙවනැලි රටා
නුබ කුස බබළයි සඳ රැස් විහිදෙයි
ඇඳෙයි විල්දිය ගඟනේ සිනා
නුඹ රුව සිහිවෙයි මගෙ සිත ගොළුවෙයි
පතයි මිහිරිම පෙම්බර සිනා
බොඳ වෙන් නැතිනම් සඳ දිය සිත්තම්
අගෙයි තුන්යම ගෙවෙනා තුරා
භද විල පත්ලෙන් නැගි නුඹෙ සිත්තම්
රැදෙයි දිවිමග සරනා තුරා
Friday, March 20, 2009
දම්වැල
මගේ පැතුම ප්‍රාර්තනා ඔබයි
අමිල පැතුම් නුබෙ පැතුම වෙයි
උගෙ පැතුම ප්‍රාර්තනා නොවෙයි
අපේ සිතුම් ප්‍රාර්තනා ගැටෙයි
අමිල පැතුම් නුබෙ පැතුම වෙයි
උගෙ පැතුම ප්‍රාර්තනා නොවෙයි
අපේ සිතුම් ප්‍රාර්තනා ගැටෙයි
Sunday, November 02, 2008
යුද්දෙට මං ගියා
තල් අරණේ මල් පිපිලා
සාමයේ මල නැත පිපිලා
රණ බිම මත ලේ හැලිලා
නෙතු කඳුළින් බර වීලා
තංගචිචියේ නුබේ මුහුණට
ආල වඩනු නොහැකිය මට
පවුරු වලිනු වටවුනු හෙට
බිදිනට මම යමි සටනට
යුඬ බිමටම නෙතු යොමු කොට
සමුගත්තද නුඹ තනි කොට
සාමයේ මල සුපිපුන විට
එය අයිතිය තංගචිචිට
Saturday, April 19, 2008
ආදර විවාහය
මහ සයුර සේ පැතුම් පොදි බැද
බොල් අහස සේ සුසුම් ඉකි බිද
උමතුවෙන් මෙන් ඔබට පෙම් බැද
සැනසුමක් නම් නැත ඔබව ලැබුවද
බොල් අහස සේ සුසුම් ඉකි බිද
උමතුවෙන් මෙන් ඔබට පෙම් බැද
සැනසුමක් නම් නැත ඔබව ලැබුවද
රැවටීම
සුපෙම් හැගුමන් පායලා
වසත් කාලය එළබිලා
නැවුම් මලකට ලංවෙලා
සිබිමි එම මල නොම තලා
පහන් තරැවක් පායලා
ජීවිතේ මගේ එළි කලා
සිතූමුත් මා රැවටිලා
මල තැලී රොන් විසිරිලා
වසත් කාලය එළබිලා
නැවුම් මලකට ලංවෙලා
සිබිමි එම මල නොම තලා
පහන් තරැවක් පායලා
ජීවිතේ මගේ එළි කලා
සිතූමුත් මා රැවටිලා
මල තැලී රොන් විසිරිලා
සිහිනයකි ඔබ
සැබෑ ලොවක නොපෙනෙන...
සිහිනෙක, නොදුටුව විට ඔබ.
සිහිනය ඔබ බව වැටහින...
ඔබ නැති සිහිනය දුටුවිට.
සිහිනෙක, නොදුටුව විට ඔබ.
සිහිනය ඔබ බව වැටහින...
ඔබ නැති සිහිනය දුටුවිට.
සමනල් මම
හිරුට හොරා ලොවට පිපුණ තඹර කැකුළියේ
නුඹට හොරා නුඹේ සුවඳ දසත හමන්නනේ
සැමට හොරා මත් බඹරුන් ගුමු ගුමු දෙන්නේ
බිගුට හොරා සමනල් මම නුඹට ඇදෙන්නේ
CSE අපේ කට්ටිය -10
විකුමා ඉන්නේ බස්සා වගේ Lab එක මැද්දේ
මනෝජයා ආවත් වැඩිපුර නැහැ සද්දේ
මධුවා හදුන්වලා දුන් Halo යුද්දේ
අපි හැමෝම ගැහුවා පහුගිය අවුරුද්දේ
ලක්ෂී සූජීතා තරගෙට වැඩ කෙරුවා
තරුගා ශීකරන් අප අතරේ වූවා
සිව් වසරක මතකෙන් බිඳූවකි මේවා
සමා වෙලා අහපන් මිතුරනි මේවා
සියළු දෙනා ගැන මම හොදහිටි ලීවා
සියළු දෙනා මට ලපටියා යයි කිව්වා
ලියපු සියල්ලම මෝරපූ කවි සේමා
උඹලා ලපටි වේ මට වැඩි පුර බෝමා
මනෝජයා ආවත් වැඩිපුර නැහැ සද්දේ
මධුවා හදුන්වලා දුන් Halo යුද්දේ
අපි හැමෝම ගැහුවා පහුගිය අවුරුද්දේ
ලක්ෂී සූජීතා තරගෙට වැඩ කෙරුවා
තරුගා ශීකරන් අප අතරේ වූවා
සිව් වසරක මතකෙන් බිඳූවකි මේවා
සමා වෙලා අහපන් මිතුරනි මේවා
සියළු දෙනා ගැන මම හොදහිටි ලීවා
සියළු දෙනා මට ලපටියා යයි කිව්වා
ලියපු සියල්ලම මෝරපූ කවි සේමා
උඹලා ලපටි වේ මට වැඩි පුර බෝමා
CSE අපේ කට්ටිය -9
Network අවුල් සේරම මූ ගොඩ දැම්මා
කුප්පි වලින් අපේ සෙට් එක ගොඩ දැම්මා
Mail එවලා InBox පුරවලා දැම්මා
සමින්ද ගැන මම මේ ටික කිව්වා
Photo වලට ඉන්නට මූ හරි රුසියා
අත් දෙක උඩ දමා ඉස්සරහින් හිටියා
ජනා Photo භූතයා ලෙස දිස්වූවා
බඹා ඇවිත් සුමතිව නළලේ කෙටුවා
සූ සැට මායම් ඔක්කොම ඇත්තේ
පබා, පිස්සා දැපනේ දා ගත්තේ
පිස්සාගේ පිස්සුව ඉන් වැඩිවී ඇත්තේ
කඩේ යන්න ඌ පෙරමුණ ගත්තේ
කුප්පි වලින් අපේ සෙට් එක ගොඩ දැම්මා
Mail එවලා InBox පුරවලා දැම්මා
සමින්ද ගැන මම මේ ටික කිව්වා
Photo වලට ඉන්නට මූ හරි රුසියා
අත් දෙක උඩ දමා ඉස්සරහින් හිටියා
ජනා Photo භූතයා ලෙස දිස්වූවා
බඹා ඇවිත් සුමතිව නළලේ කෙටුවා
සූ සැට මායම් ඔක්කොම ඇත්තේ
පබා, පිස්සා දැපනේ දා ගත්තේ
පිස්සාගේ පිස්සුව ඉන් වැඩිවී ඇත්තේ
කඩේ යන්න ඌ පෙරමුණ ගත්තේ
CSE අපේ කට්ටිය -8
බී.පී. කියන්නේ අපේ රාජික ගොයියා
ගේම ගැන තමා මුගේ නිරතුරු කයියා
Command line එකහට පෙම් කෙරුවා
James Clerk මූ තාමත් අදහනවා
බිලියනයට මූ කවදත් Love කෙරුවා
Company වල වත්කම් ටික මූ කිරුවා
පිස්සූ ටෝක් දෙනවා නිරතුරු ටොමියා
Bill Gatesගේ මූ කීකරු අතවැසියා
Halo කට්ට දෙකටම මු එක් වූවා
සුප්පා ගොසින් Axic වල C කෙටුවා
පොඩි සාමිස කියලා නම දා ගත්තා
CSE ඇණ පතිකම ඉල්ලලා ගත්තා
ගේම ගැන තමා මුගේ නිරතුරු කයියා
Command line එකහට පෙම් කෙරුවා
James Clerk මූ තාමත් අදහනවා
බිලියනයට මූ කවදත් Love කෙරුවා
Company වල වත්කම් ටික මූ කිරුවා
පිස්සූ ටෝක් දෙනවා නිරතුරු ටොමියා
Bill Gatesගේ මූ කීකරු අතවැසියා
Halo කට්ට දෙකටම මු එක් වූවා
සුප්පා ගොසින් Axic වල C කෙටුවා
පොඩි සාමිස කියලා නම දා ගත්තා
CSE ඇණ පතිකම ඉල්ලලා ගත්තා
CSE අපේ කට්ටිය -7
විහිළු නිසා සුදු සංජය රතු වෙනවා
පබා නිසා මූ විලියෙන් ඇබරෙනවා
කෙල්ලන් හට නම් මූ පාටී දෙනවා
ඔන්න මචෝ උඹේ රෙදි ටික ගැල වෙනවා
සාලිය කලණී ගැළපෙන යුවලකි කදිම
Halo නිසා ඇතිවේ පොඩි පොඩි අව්ල
සියලු දබර සෙල්ලම අවසන් වන තුරුය
ඊට පස්සේ මේ දෙන්නා කිරි පැණිය
මහ කැලයෙන් නගරෙට සරසවි ආව
වැද්දා ඉන්නේ බදු අරගෙන රජ කඩුව
කස්සා එක්ක මුගේ මිතු දම දැඩිය
හෝටලයෙන් කෑවම යයි බඩ එළිය
විභාගයෙන් ජය ලැබුමට තෙල් බොනවා
හිතුනදාට බියරුත් ගෙනවිත් බොනවා
චන්දරයා Campus විසිටින් සිසුවා
Project එකේ ලොකු බාසුන්නැහැ වෙනවා
පබා නිසා මූ විලියෙන් ඇබරෙනවා
කෙල්ලන් හට නම් මූ පාටී දෙනවා
ඔන්න මචෝ උඹේ රෙදි ටික ගැල වෙනවා
සාලිය කලණී ගැළපෙන යුවලකි කදිම
Halo නිසා ඇතිවේ පොඩි පොඩි අව්ල
සියලු දබර සෙල්ලම අවසන් වන තුරුය
ඊට පස්සේ මේ දෙන්නා කිරි පැණිය
මහ කැලයෙන් නගරෙට සරසවි ආව
වැද්දා ඉන්නේ බදු අරගෙන රජ කඩුව
කස්සා එක්ක මුගේ මිතු දම දැඩිය
හෝටලයෙන් කෑවම යයි බඩ එළිය
විභාගයෙන් ජය ලැබුමට තෙල් බොනවා
හිතුනදාට බියරුත් ගෙනවිත් බොනවා
චන්දරයා Campus විසිටින් සිසුවා
Project එකේ ලොකු බාසුන්නැහැ වෙනවා
Subscribe to:
Posts (Atom)
