Monday, May 25, 2009

ආලය වේ මනරම්

සිනා සරදම් කරයි
මැවෙයි හසරැල් ලතා
ඔබේ දෙනුවන් අගින්
හැගෙයි දහසක් කතා

පිපී පරවී නොයයි
දැනෙයි සුවදක් සදා
මලේ සුවදැති රොනින්
පිරෙයි ආලයේ නුරා

හිතේ සක්මන් කරයි
ගනියි නිදිලොව සොරා
ඔබේ දෑගිලි තුඩින්
නිවෙයි මහදේ විඩා

සිතේ සිතුවිලි නැගෙයි
ගලයි පන්හිද වෙලා
හදේ ගැඹුරුම තැනින්
ගෙතෙයි ප්‍රේමයේ රටා

නිමා නොවෙනා පැතුම්
ගලයි දෙහදක් පුරා
අපේ පෙම්බර හැගුම්
බිදියි තනිකම සදා

No comments: