ඇහි පිල්ලමක් යට
මෝරන කදුළු කැට
ඇසිපිය සැලෙන කොට
වැටෙනු නවතනු නොහැක තව මට..
කවි සිතුවිල්ලක් ලෙසට
නුඹ එනවිට හිතට
සිත්විල කියන කව
ලියා නිමවනු නොහැක තව මට..
සුළි සුළගක් විලස
නුඹ පියඹන කලට
විසල් පව්වක් ලෙස
වැතිර පසුවෙනු නොහැක තව මට..
Saturday, July 18, 2009
Subscribe to:
Post Comments (Atom)

3 comments:
හදට එන කඳුලු කැට
පිහියකින් අනින විලසට
රිදී රිදවමින් යයි
හුදුකලාවට හිත යොමුකර.......
හරිම ලස්සනයි . . . !
ම්ම්ම්............
ලස්සන පදවැල් ටිකක්....
Post a Comment