Tuesday, February 16, 2010

මළහිරු බසිනා සැන්දෑවේ

මළහිරු බසිනා සැන්දෑවේ
අපේ මතකයන් මට සිහිවේ
නුඹේ සිනාහඩ හද පතුලේ
රෑව් පිළි රෑව් දෙනවා සොදුරේ

ආදර සයුරේ ජීවන වෙරළේ
අප තැනු මාළිග කිම ඉදිනූනේ
ප්‍රේමයේ මාළිග නොනිමිව බොදවී
සැගවී ගිය හැටි සඩරැළි අතරේ

මිහිරියි මතකය අප පෙර දවසේ
හැගුමන් තෙරපී හදවත වැලපේ
සමුගෙන ගිය නුඹෙ මතකය මතුවී
විසිරී යන හැටි රැළිසේ සයුරේ

Sunday, November 15, 2009

තරු පොරොන්දු

හිරු මළදා එක සවසක
අපි තෙමුණා ඉනු කඳුළක
තනි තරුවක් සාක්ෂි ලෙස
අපි තැබුවා පොරොන්දුවක

සය වසරක ප්‍රේම කවට
තිත තැබුමට එකග බවට
තනි තරුවට ප්‍රකාෂ කර
අපි බැඳුනා පොරොන්දුවට

මල් පොකුරක් වගේ හිතට
දුක දෙන්නට නොහැකි කමට
තනි තරුවෙන් අවසර ගෙන
තිත තිබ්බා පොරොන්දුවට

Saturday, September 05, 2009

සන්සාර චක්කරේ

මාවතේ කෙළවරේ සන්දියක් හමුවෙතේ
සන්දියේ මද්‍යයේ නැවතුමක් නම්නැතේ

සන්දියෙන් නවමගක පිවිසුමක් ඇරඹෙතේ
මාවතේ ජීවිතේ තවවරක් හැරවෙතේ

දිවිමගේ කෙලවරේ ජන්මයක් නිමවෙතේ
අන්තරා අඩවියේ පැවතුමක් හිමිනැතේ

සුහුඹුලේ ජන්මයක නවමගක් ඇරඹෙතේ
සන්සාර චක්කරේ තවවරක් කැරකෙතේ

Wednesday, July 22, 2009

බණ්ඩාරවෙලදී...

බණ්ඩාරවෙල ස්ටේසමේ
කෝපි ගෙන කැන්ටිමේ
කොළ පාට බංකුවේ
නුඹ සිටියි තනිකමේ..

කොළඹ යන දුම් රියේ
අවසාන මැදිරියේ
සිනා හඩ පතිරෙතේ
නුඹ බලයි කදුකරේ..

හපුතලේ කදුකරේ
මීදුමට හිරි පිපේ
සියොලගම හීතලේ
නුඹ ගැහේ තනිකමේ..

ඔහිය ලග වංගුවේ
ඇති අදුරු බිම්ගෙයේ
සින හඩ නැවතුනේ
නුඹ නෙවේ ගොළුවුනේ..

ගම්පොළින් බැස ගියේ
හිත අරන් පියැඹුවේ
කිම සොදුරු යුවතියේ
නුඹ දුරක සුළගසේ..

Saturday, July 18, 2009

නොහැක තව මට..

ඇහි පිල්ලමක් යට
මෝරන කදුළු කැට
ඇසිපිය සැලෙන කොට
වැටෙනු නවතනු නොහැක තව මට..

කවි සිතුවිල්ලක් ලෙසට
නුඹ එනවිට හිතට
සිත්විල කියන කව
ලියා නිමවනු නොහැක තව මට..

සුළි සුළගක් විලස
නුඹ පියඹන කලට
විසල් පව්වක් ලෙස
වැතිර පසුවෙනු නොහැක තව මට..

Thursday, July 02, 2009

හෙටත් හමුවෙන්නම්....

නුඹ හමුවෙන්න ආයෙමත්
මට ඉඩදෙන්න එන හෙටත්
යළි පිටවෙන්න බැරි කම්න්
තෙරපේවී සුසුම් පොදියක් හිතේ...

නුඹ හිනහෙන්න හෙට දිනත්
මට දුකදෙන්න එම වරත්
යළි ගිලිහෙන්න බැරි කම්න්
නලියාවී කඳුළු බිඳුවක් නෙතේ...

නුඹ නොපෙනෙන්න නම් තවත්
මට ගෙන එන්න කළුවරක්
යළි සිහිවෙන්න බැරි කම්න්
සැඟවේවී මතක සටහන් අපේ...

නුඹ පියඹන්න මා කෙරෙන්
මට සමුදෙන්න හෙට ඉතින්
යළි තනිවෙන්න බැරි කම්න්
වැළපේවී පුරුදු තනිකම මගේ...

Monday, May 25, 2009

ආලය වේ මනරම්

සිනා සරදම් කරයි
මැවෙයි හසරැල් ලතා
ඔබේ දෙනුවන් අගින්
හැගෙයි දහසක් කතා

පිපී පරවී නොයයි
දැනෙයි සුවදක් සදා
මලේ සුවදැති රොනින්
පිරෙයි ආලයේ නුරා

හිතේ සක්මන් කරයි
ගනියි නිදිලොව සොරා
ඔබේ දෑගිලි තුඩින්
නිවෙයි මහදේ විඩා

සිතේ සිතුවිලි නැගෙයි
ගලයි පන්හිද වෙලා
හදේ ගැඹුරුම තැනින්
ගෙතෙයි ප්‍රේමයේ රටා

නිමා නොවෙනා පැතුම්
ගලයි දෙහදක් පුරා
අපේ පෙම්බර හැගුම්
බිදියි තනිකම සදා

Sunday, May 10, 2009

සමනලීට

මගෙ තනිකම මට නොදැනිම
සොරකම් කල සමනලී
මා තනිකර මට නොකියම
පිටමවී ගිය හැටී

තණ අග පිණි බිදු වියකෙයි
හිරු දුටු විට සමනලී
මගෙ කදුළැලි හැම වියකෙයි
දුටු විට ඔබෙ හස රැලි

රන් තරු හැම විට හිනහෙයි
පුන් පෝයට සමනලී
අමවකට වුව හිනැහෙමි
නුඹ සිටියොත් වී තුටී

නුඹ නැතිවී මම තැවුනෙමි
බොහො කලක් සමනලී
නොලබෙන දෙය නොම පතනෙමි
මට පසුතැවුමක් නැති

මිහි පොලොවට අපි හැමදෙන
හිමි වෙනවා සමනලී
පින් පවු මත යලි මිහිමත
උපදිනවා ඇති නිතී

සැඩ රැලි නැග රුදු වැඩිවෙයි
නිල් දියකද සමනලී
එතෙර වන්න මට හැකිවෙයි
මේ සසරෙන් දිග වැඩි