Showing posts with label හෙට. Show all posts
Showing posts with label හෙට. Show all posts

Thursday, July 02, 2009

හෙටත් හමුවෙන්නම්....

නුඹ හමුවෙන්න ආයෙමත්
මට ඉඩදෙන්න එන හෙටත්
යළි පිටවෙන්න බැරි කම්න්
තෙරපේවී සුසුම් පොදියක් හිතේ...

නුඹ හිනහෙන්න හෙට දිනත්
මට දුකදෙන්න එම වරත්
යළි ගිලිහෙන්න බැරි කම්න්
නලියාවී කඳුළු බිඳුවක් නෙතේ...

නුඹ නොපෙනෙන්න නම් තවත්
මට ගෙන එන්න කළුවරක්
යළි සිහිවෙන්න බැරි කම්න්
සැඟවේවී මතක සටහන් අපේ...

නුඹ පියඹන්න මා කෙරෙන්
මට සමුදෙන්න හෙට ඉතින්
යළි තනිවෙන්න බැරි කම්න්
වැළපේවී පුරුදු තනිකම මගේ...