Sunday, April 26, 2009

සඳ දිය සිත්තම්

සඳ දිය සිත්තම් විල් දිය මත්තෙන්
මවයි සොදුරුම සිතුවම් රටා
විල් දිය නිසලයි භද විල සසලයි
පෙනෙයි අඳුරුම සෙවනැලි රටා


නුබ කුස බබළයි සඳ රැස් විහිදෙයි
ඇඳෙයි විල්දිය ගඟනේ සිනා‍
නුඹ රුව සිහිවෙයි මගෙ සිත ගොළුවෙයි
පතයි මිහිරිම පෙම්බර සිනා


බොඳ වෙන් නැතිනම් සඳ දිය සිත්තම්
අගෙයි තුන්යම ගෙවෙනා තුරා
භද විල පත්ලෙන් නැගි නුඹෙ සිත්තම්
රැදෙයි දිවිමග සරනා තුරා