සඳ දිය සිත්තම් විල් දිය මත්තෙන්
මවයි සොදුරුම සිතුවම් රටා
විල් දිය නිසලයි භද විල සසලයි
පෙනෙයි අඳුරුම සෙවනැලි රටා
නුබ කුස බබළයි සඳ රැස් විහිදෙයි
ඇඳෙයි විල්දිය ගඟනේ සිනා
නුඹ රුව සිහිවෙයි මගෙ සිත ගොළුවෙයි
පතයි මිහිරිම පෙම්බර සිනා
බොඳ වෙන් නැතිනම් සඳ දිය සිත්තම්
අගෙයි තුන්යම ගෙවෙනා තුරා
භද විල පත්ලෙන් නැගි නුඹෙ සිත්තම්
රැදෙයි දිවිමග සරනා තුරා
1 comment:
ඔය තියෙන්නෙ නෑනාට ලිව්ව කවියක් නේද?
පොඩ්ඩා නම් කවි ලියන්න දන්නෙ නෑ
නෑනා තමයි මෙහෙම ලියන්න කිව්වෙ
හද විල කළඹයි
දෙසවන් පිනවයි
නුඹ ගයනා
සත්සර මිහිරියි.
නිල් තරු බබලයි
සඳ වත හිනැහෙයි
එළිවෙනතුරු දුටු
සිහිනය මිහිරියි
නුඹ ගැන සතුටුයි
ගෙදරට එළිවෙයි
නෑකම හරහට
හිටියම කඳුලයි
==================
ඔහොම යං ඔහොම යං
දිගටම ලියපං මචං.
Post a Comment