Sunday, May 10, 2009

සමනලීට

මගෙ තනිකම මට නොදැනිම
සොරකම් කල සමනලී
මා තනිකර මට නොකියම
පිටමවී ගිය හැටී

තණ අග පිණි බිදු වියකෙයි
හිරු දුටු විට සමනලී
මගෙ කදුළැලි හැම වියකෙයි
දුටු විට ඔබෙ හස රැලි

රන් තරු හැම විට හිනහෙයි
පුන් පෝයට සමනලී
අමවකට වුව හිනැහෙමි
නුඹ සිටියොත් වී තුටී

නුඹ නැතිවී මම තැවුනෙමි
බොහො කලක් සමනලී
නොලබෙන දෙය නොම පතනෙමි
මට පසුතැවුමක් නැති

මිහි පොලොවට අපි හැමදෙන
හිමි වෙනවා සමනලී
පින් පවු මත යලි මිහිමත
උපදිනවා ඇති නිතී

සැඩ රැලි නැග රුදු වැඩිවෙයි
නිල් දියකද සමනලී
එතෙර වන්න මට හැකිවෙයි
මේ සසරෙන් දිග වැඩි

3 comments:

sNj said...

කව්ද මචං මේ සමනලී. ඇත්තටම කෝ දැන් ඔය කියන සමනලී

Buddhika Semasinghe said...

මාර සිරා මලයා කවි පන්තිය.

නිදහස් අදහස් said...

කවුද මචං සමනලී