Wednesday, July 22, 2009

බණ්ඩාරවෙලදී...

බණ්ඩාරවෙල ස්ටේසමේ
කෝපි ගෙන කැන්ටිමේ
කොළ පාට බංකුවේ
නුඹ සිටියි තනිකමේ..

කොළඹ යන දුම් රියේ
අවසාන මැදිරියේ
සිනා හඩ පතිරෙතේ
නුඹ බලයි කදුකරේ..

හපුතලේ කදුකරේ
මීදුමට හිරි පිපේ
සියොලගම හීතලේ
නුඹ ගැහේ තනිකමේ..

ඔහිය ලග වංගුවේ
ඇති අදුරු බිම්ගෙයේ
සින හඩ නැවතුනේ
නුඹ නෙවේ ගොළුවුනේ..

ගම්පොළින් බැස ගියේ
හිත අරන් පියැඹුවේ
කිම සොදුරු යුවතියේ
නුඹ දුරක සුළගසේ..

3 comments:

Anonymous said...

Nice one. I could visualize the whole story, almost. Thanks and cheers.

LazyOwl

Buddhika Semasinghe said...

MAX කවි පන්තිය "තරිදු ජයසූරිය වන මම ගම්පොලින් යුවතියක් පතමි?"

Saliya Ekanayake said...

Great! nice work macho